ලැප්ටොප් පරිගණක ලබාදීම

පොලී රහිත ණය මුදලක් යටතේ සරසවි සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබාදීම - 2016 මැයි මස 26
පොලී රහිත ණය මුදලක් යටතේ සරසවි සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබාදීම.
ශ්‍රී ලාංකේය සරසවි ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවුණු දිනයක් පසුගියදා සනිටුහන් විය. විශ්වවිද්‍යාල සිසු සිසුවියන් උදෙසා පොලී රහිත ණය මුදලකට ලැප්ටොප් පරිගණක ලබාදීමේ අවස්ථාව එය යි. තාක්ෂණයේ වේගවත් ගමනත් සමඟ කරට කර තරඟයක නියැලෙමින් ලෝකයේ නව ප්රවණතා සොයා යන්නට ත් අලුත් අලුත් දේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවන්නටත් අලුත් අලුත් දේ නිර්මාණය කරන්නට ත් සුදුසු ම සහ නිවැරදි ම තැන සරසවිය බැව් අපි හොඳාකාරව දනිමු. රටේ බුද්ධිමත් තාරුණ්‍යය අතර බුද්ධිමත් ම පිරිස වන සරසවි සිසු සිසුවියන් තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ කොට අනාගතයට මුදා හැරීමේ එම භාරදූර කර්තව්‍ය උදෙසා වන දැවැන්ත පියවර 2016/05/26වැනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් සිදු කෙරුණු වගයි. මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, අමාත්‍යංශ ලේකම් ඩී.සී.දිසානායක, අතිරේක ලේකම් පී.ජී.ජයසිංහ, සියලු ම විශ්වවිද්‍යාලයන්හි උපකුලපතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද මේ සඳහා සහභාගී වූහ.