තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය විසින් වෙබ් අඩවි, අභ්‍යන්තර ජාලය ( LAN ), කාර්යසාධන අධීක්ෂණ පද්ධතිය, දත්ත ගබඩාව, සහ පරිගණක දෘඪාංග සහ මෘදුකාංග කළමනාකරණය ඇතුළුව තොරතුරු හා සන්නිවේදනය කළමනාකරණය කිරීමට සහ තොරතුරු හා සන්නිවේදන ප්‍රසම්පාදනය සඳහා වගකිව යුතු වන අතර ප්‍රතිසංවිධානය අරමුණු කරගත් විවිධ තොරතුරු හා සන්නිවේදන ව්‍යාපෘති කළමනාකරණය සඳහා ද සම්බන්ධ වනු ලැබේ.
කාර්යභාරයන්
- අමාත්‍යාංශ සේවක මණ්ඩලයට විද්‍යුත් තැපෑල සහ අන්තර්ජාල සේවා ලබා දීම
- අමාත්‍යාංශ වෙබ් අඩවිය නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාම
- අමාත්‍යාංශයේ ගබඩා සඳහා දත්ත ගබඩා සහ අදාළ මෘදුකාංග නිර්මාණය කිරීම
- අමාත්‍යාංශයේ පරිගණක සහ අභ්‍යන්තර ජාලය ( LAN ) නඩත්තු කිරීම
- තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා අමාත්‍යාංශ සේවක මණ්ඩලයට පුහුණුව ලබා දීම
- විද්‍යුත් තැපෑල සහ අන්තර්ජාලය හරහා නිල තොරතුරු බෙදා හැරීම
- අමාත්‍යාංශය සහ නියෝජිතායතන වෙත තොරතුරු තාක්ෂණය පදනම් කරගත් සේවාවන් ලබා දීම
සංවිධාන ව්‍යුහය
විමසීම් තොරතුරු
ජී.එස්.පී.කේ.මොරලියගේ මහතා
අධ්යක්ෂ(තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ)
+94 112 687 510
+94 112 677 122
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.