" විදේශ නිවාඩු අනුමත කිරීමේ මාර්ගගත වැඩසටහන "

විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා විදේශීය නිවාඩු අනුමත කිරීම සාම්ප්‍රදායික ආකාරයෙන් සිදු කිරිමේ දී නිවාඩු අයදුම්පත් සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම සිදු කෙරේ. මෙම ක්‍රමය ඵලදායී නොවන අතර ඒ සඳහා ගතවන නිශ්චිත කාල සීමාව තත්‍ය වශයෙන් ම සඳහන් කළ නොහැකිය. එබැවින්, මෙම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාර්ගගත ආකාරයට විදේශීය නිවාඩු අයදුම් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී පද්ධතිය භාවිතා කිරීම පිළිබඳව අදාළ විශ්වවිද්‍යාල දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ කොළඹ විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලයන්හි දී මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් අවසන් කර ඇත. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නිවාඩු අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කටයුතු සහ අනුමැතිය ලබා දීම දැනටමත් මෙම මාර්ගගත ක්‍රමය හරහා ආරම්භ කර ඇත. දැනුවත් කිරීමේ වැඩසටහන් දැනටමත් අවසන් කර ඇති විශ්වවිද්‍යාල දෙසැම්බර් 1වනදා සිට විදේශ නිවාඩු අනුමත කිරීමේ ක්‍රියාවලිය මෙම මාර්ගගත ක්‍රමය හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

p>/news/vapa

 

පුවත් සහ සිදුවීම්