INTROශ්‍රි ලංකාවේ අධ්‍යාපනය සහශ්‍ර දෙකක් තරම් ඈතට දිව යන දිගු ඉතිහාසයකට හිමිකම් කියන අතර ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් වශයෙන් දක්වා ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනය සතුව, තුන්වන ලෝකයේ රටකින් බලාපොරොත්තු වන මට්ටමට වඩා වැඩි 92% ක සාක්ෂරතා මට්ටමක් පවතී. දකුණු ආසියාවේ ඉහළම සාක්ෂරතා අනුපාතය සහ සමස්ත වශයෙන් ආසියාවේ එක් ඉහළම සාක්ෂරතා අනුපාතයක් ශ්‍රී ලංකාව සතුය. රටේ ජන ජීවිතය සහ සංස්කෘතිය තුළ අධ්‍යාපනය විසින් ඉතා වැදගත් භූමිකාවක් රඟ දක්වන අතර එය ක්‍රි.පූ. 543 දක්වා අතීතයට දිව යයි. නව අධ්‍යාපන පද්ධතිය ඇති වනු ලැබුවේ 19 වන සියවසේදී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමග සම්බන්ධ වීමත් සමග වන අතර එය ඇතැම් වගකීම් මධ්‍යම රජය වෙතත් අනෙක් කරුණු සම්බන්ධව ස්වාධිපත්‍යය පළාත් සභා වෙතත් පවතින අයුරින් මධ්‍යම රජය සහ පළාත් සභා යන අංශ දෙකම යටතට පත් වේ.

දේශීය රාජධානි අවධිය තුළ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය පදනම් වී තිබුණේ ප්‍රමුඛ පිරිවෙන් කිහිපයක් මතයි. (පුරාණ බෞද්ධ හිමිවරුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන) ශ්‍රී ලංකාවේ වත්මන් විශ්වවිද්‍යාල පදධතියේ මූලාරම්භය, වර්ෂ 1921 දී ලන්ඩන් විශ්වවිද්‍යාලය සමග ඒකාබද්ධව කොළඹ රෝයල් විද්‍යාලය කලින් තිබූ භූමියේ සිලෝන් යුනිවසිටි කොලීජිය නමින් යුනිවසිටි කොලීජියක් ස්ථාපිත කිරීම තෙක් දිව යයි. කෙසේ වුවද, ශ්‍රී ලංකා නව උසස් අධ්‍යාපන ක්‍රමයේ ආරම්භය සනිටුහන් වන්නේ වර්ෂ 1870 දී වන අතර ඒ ලංකා වෛද්‍ය පාසල (Ceylon Medical School) ස්ථාපිත කිරීමත් සමගය. ඉන් පසුව කොළඹ නීති විද්‍යාලය (1875), කෘෂිකර්ම විද්‍යාලය (1994) සහ රාජ්‍ය කාර්මික විද්‍යාලය (1893) දී ස්ථාපිත විය.

වර්ෂ 1942 අංක 20 දරණ ලංකා විශ්වවිද්‍යාල ආඥා පනත මගින් 1942 ජූලි පළමු වැනි දින ලංකා විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන ලද අතර එය ඒකීය, නේවාසික සහ ස්වායත්ත විය. මෙම විශ්වවිද්‍යාලය කොළඹ පිහිටා තිබූ අතර, වසර කිහිපයකට පසු පේරාදෙණියේදී දෙවන විශ්වවිද්‍යාලයක් ඉදි කරන ලදී. වඩා මධ්‍යගත පරිපාලනයක් සහ වඩා සෘජු රාජ්‍ය පාලනයක් ඇති කරමින් 1972 අංක 01 දරණ ලංකා (යුනිවසිටි) විශ්වවිද්‍යාල පනත අනුව ලංකා විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය බවට පත් වූ අතර එතුළින් 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත අනුව වෙන වෙනම විශ්වවිද්‍යාල බිහි වුවද රජය විසින් සිය සෘජු පාලනය පවත්වා ගැනීමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා පරිපාලනය මධ්‍යගත කිරීමක් සිදු විය. අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් දිවංගත ගරු ලලිත් ඇතුලත්මුදලි මහතා 1980 ගණන්වලදී රටේ උසස් අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ආරම්භයක් තැබීය. එතුමා විසින් ස්ථාපිත කරන ලද මහපොල අරමුදල අද දක්වාම උසස් අධ්‍යාපන සිදු කරනු ලබයි. වර්ෂ 1999 දී විශ්වවිද්‍යාල පනතට සංශෝධන සිදු කරන තුරු උපාධි ප්‍රදානය කිරීමට ඉඩ දී තිබුණේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ට පමණි. වර්ෂ 1999 න් පසු එය වෙනස් වී ඇත.

දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පවතින්නේ 15 ක් පමණි. මින් ප්‍රමුඛ ඒවා වන්නේ කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, කැළණිය විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලයයි. විශ්වවිද්‍යාල පනතේ සිදු කරන ලද වෙනස්කම් සමග මෑත වර්ෂවලදී ආයතන කිහිපයකට උපාධි ප්‍රදානය කිරීම සඳහා අවසර ලබා දී ඇති අතර මින් ප්‍රමුඛ වන්නේ රජය හිමිකාරිත්වය දරණ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයයි.

එසේම ලොව දැනුමේ කේන්ද්‍රස්ථානය බවට අධ්‍යාපන අමාත්‍යාංශය (උසස් අධ්‍යාපන), විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් සමග එක්ව උසස් අධ්‍යාපන පද්ධතිය අපේක්ෂිත මට්ටම කරා ඔසවා තැබීම සඳහා විද්වත් ආයතන, වෘත්තීය සංගම් සහ වෙනත් ප්‍රධාන පරදු දරන්නන් සමග අඛණ්ඩ කතිකාවක් සිදුකරමින් සිටී. සිය ආයතනික රාමුව සවිමත් කිරීම සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ තත්ත්ව සහතික සහ ප්‍රතීතන කවුන්සලය ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පියවර ගනිමින් සිටී. තත්ව සහතික සහ ප්‍රතීතන කවුන්සලයේ ප්‍රධාන අභිමතාර්ථය වන්නේ තත්ත්ව සහතික කිරීම තුළින් උසස් අධ්‍යාපනයේ අති විශිෂ්ඨත්වය සනාථ කිරීමයි.

සාධනීය සන්නිවේදන කුසලතා සහ තොරතුරු තාක්ෂණ සාක්ෂරතවාය ලබාදීම තුළින්ද දේශීය උපාධිධාරීන් රැකියා කෙරෙහි යොමු වූ අධ්‍යාපන පද්ධතියක් වෙත ප්‍රවිශ්ඨ කිරීම තුළින්ද දේශීය උපාධිධාරීන් සඳහා රැකියා වෙළඳපොල තුල පවතින වටිනාකම සහ ඉල්ලුම වැඩි දියුණු කිරීම සඳහා පියවර ගෙන ඇත.

රැකියා වෙළඳපොලේ ඉහළ ඉල්ලුමක් ඇතිවන අයුරින් ශාස්ත්‍රවේදී උපාධි සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය විශේෂ උපාධි ලබාගැනීමේ අවස්ථාව සැලසීම මේ සඳහා ප්‍රධාන මුල් පියවරකි. මෙම ක්‍රමෝපාය තුළින් අවසානයේදී ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධනයේ ශුද්ධ වටිනාකම වර්ධනය වනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය (උසස් අධ්‍යාපන) තුළින් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමග සබඳතා වර්ධනය කරන අතර ඒ අනුව සම්පත් හුවමාරු කර ගැනීම සහ ශ්‍රී ලාංකිකයන් හට විදේශ අධ්‍යාපනය සඳහා ලබා දෙන ශිෂ්‍යත්ව අවස්ථා ප්‍රමාණය වැඩි කිරීමත් සිදු වේ. අධ්‍යාපන අමාත්‍යාංශය(උසස් අධ්‍යාපන) විසින් වගකීමක් දරනු ලබන අනෙකුත් ක්ෂේත්‍රයන් වන්නේ, ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ඉංජිනේරු, වෛද්‍ය, නීති සහ කලා වැනි පීඨ සඳහා අදාළ නිපුණතා සහිත උපදේශන කණ්ඩායම් ලබා ගැනීම වේ.

පුවත් සහ සිදුවීම්