පොළි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය

1. හැඳින්වීම

ශ්‍රී ලංකාව තුළ අ.පො.ස. (උ.පෙළ.) අධ්‍යාපනය සාර්ථකව නිම කරන ලද ශිෂ්‍ය පරපුර උදෙසා උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමේ පරමාර්ථය පෙරදැරිව, 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතතේ 28 අ වගන්තිය යටතේ උපාධි ප්‍රධානය සඳහා අනුමත කරන ලද උපාධි ප්‍රධානය කිරීමේ ආයතන (DAIs) සම්බන්ධ කර ගනිමින් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය අයවැය යෝජනාවක් අනුව 2017 වර්ෂයේ සිට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.

මේ යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද ඉහළ වෙළඳපොල ඉල්ලුමක් හා වෘත්තීය වටිනාකමක් සහිත උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා රජය මඟින් පොලී රහිත ණය මුදලක් ලබා දීමට කටයුතු කරනු ලැබේ. තවද, සිසුන්හට ඔවුන්ගේ එදිනෙදා වියදම් සඳහා සිසුන්ගේ කැමැත්ත මත රුපියල් 300,000/= ක උපරිමයකට යටත්ව පොලී රහිත ශිෂ්‍යාධාර ණය මුදලක් ද (Stipend Loan) ලබා ගත හැක. වසර 12ක සම්පූර්ණ ණය කාල සීමාව සඳහා පොලිය රජය විසින් ගෙවන අතර ලබා ගත් ණය මුදල උපාධිය වසර 3 කින් හෝ 4 කින් හදාරා ඉන්පසු එළඹෙන වසර 1ක සහන කාලයකට පසු පිළිවෙලින් වසර 8 කින් හෝ 7 කින් (සමාන මාසික වාරික 96කින් හෝ 84කින්) ගෙවා නිමකල හැකිය.

2. උපාධි ප්‍රධානය කිරීමේ ආයතන (DAIs)

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත (සංශෝධිත) යටතේ අනුමත කරන ලද උපාධි ප්‍රධානය කිරීමේ ආයතන 16ක් මේ වන විට මෙම යෝජනා ක්‍රමය සමඟ සම්බන්ධ වී ඇත. ඒවා නම්,

1 SLIIT

ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (ගැරන්ටි) ලිමිටඩ්  

ආයතනය (මාලඹේ ප්‍රධාන ශාඛාව, නුවර, මාතර සහ යාපනය ශාඛා)

2 NSBM ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල
3 CINEC සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය 
4 SIBA ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය
5 ICASL ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරයන්ගේ ආයතනය
6 HORIZON හොරයිසන් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය
7 KIU කේ.අයි.යූ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය
8 SLTC එස්.එල්.ටී කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය
9 SAEGIS සේජීස් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය
10 ESOFT  ඊසොෆ්ට් මෙට්රෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය
11 AQUINAS ඇක්වයිනාස් උසස් අධ්‍යාපන විද්‍යායතනය
12 ICHEM ඉන්ස්ටිටියුට් ඔෆ් ක‍ෙමිස්ට්‍රි සිලෝන්
13 ICBT

ඉන්ටර්නැෂනල් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි ලිමිටඩ්

(කොළඹ ප්‍රධාන ශාඛාව සහ නුවර ශාඛාව)

14 BCI බෙනඩික් කැතලික් ඉන්ස්ටිටියුට් ඔෆ් හයර් එඩියුකේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
15 NIIBS නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය
16 BMS ව්‍යාපාර කළමනාකාරීත්ව පාසැල 
17 LYCEUM ලයිසියම් කැම්පස්
18 GATEWAY ගේට්වේ විද්‍යාලය 

 

3. උපරිම ණය මුදල

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ වසර හතර (4) ක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා ලබා දෙන උපරිම ණය මුදල විෂය ධාරාව අනුව වෙනස් වේ. එම සීමාවන් පහත 3.1 වගුවේ දැක්වේ.

      

          
            විෂය ධාරාව             
               උපරිම ණය මුදල (රු.)                  
1 මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාව 800,000
2 කළමනාකරණය හා වාණිජ 900,000
3 විද්‍යාව (Bio/ Bio Medical)  
i. විද්‍යාව (රසායනික/ජීව විද්‍යාත්මක/ජීව වෛද්‍ය) 1,200,000
ii. විද්‍යාව (භෞතික) 1,000,000
4 ඉංජිනේරු හා තාක්ෂණය  
i. ඉංජිනේරු 1,500,000
ii. ජෛව තාක්ෂණය 1,000,000
iii. ඉංජිනේරු තාක්ෂණය 1,000,000
5 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  
i. පරිගණකවේදී 800,000
ii. විද්‍යාවේදී 1,000,000

 

                                                                                        වගුව 3.1

පොලී රහිත ශිෂය ණය යෝජනා ක්‍රමය යටතේ වසර තුන (3) ක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා ලබා දෙන උපරිම ණය මුදල පහත 3.2 වගුවේ දැක්වේ.

.   

          
             විෂය ධාරාව                 
              උපරිම ණය මුදල (රු.)           
1 මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාව 600,000
2 කළමනාකරණය හා වාණිජ 600,000
3 ඉංජිනේරු හා තාක්ෂණය 800,000
4 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  
i .පරිගණකවේදී 600,000
ii. විද්‍යාවේදී 800,000

 

                                                                   වගුව 3.2

4. ඇතුලත්වීම සඳහා අවම සුදුසුකම්

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ප්‍රවේශය සඳහා සිසුන් තෝරා ගැනීමේ දී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් 2022, 2023 හා 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාග සඳහා පෙනී සිට, විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බවට නිවේදනය කර ඇති අපේක්ෂකයින් මෙම යෝජනා ක්‍රමය යටතේ සුදුස්සන් ලෙස සලකනු ලබයි.

අපේක්ෂකයින් පහත අවම සුදුසුකම් සම්පූර්ණ කළ යුතුය.

(i) අ.පො.ස. (උසස් පෙළ) විභාගයට අනුමත විෂයන් තුනක් සඳහා අවම වශයෙන් තෙවරකට නොවැඩි වාර ගණනක දී, සාමාන්‍ය සාමාර්ථ (S) ලබා සිටීම සහ

(ii) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේදී සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා උපරිම වාර තුනක් යන කොන්දේසියට යටත්ව අවම වශයෙන් ලකුණු 30 ලබා තිබීම. (සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දින වන විට අදාළ ප්‍රතිපල නිකුත් වී තිබිය යුතුය) සහ

(iii) අ.පො.ස. (උසස් පෙළ) සාමාන්‍ය ඉංග්‍රීසි විෂයට සාමාන්‍ය සාමාර්ථයක් (S) හෝ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) ඉංග්‍රීසි විෂයට සාමාන්‍ය සාමාර්ථය (S)ක් ලබා තිබීම සහ

  • අයදුම්කරුවන්ගේ වයස අවුරුදු 25 හෝ ඊට අඩු විය යුතුය.

5. යාවත්කාලීන තොරතුරු සඳහා සම්බන්ධීකරණය

(i) studentloans.mohe.gov.lk වෙබ් අඩවියේ ශිෂ්‍ය අත්පොත පරිශිලනයෙන් අදාළ වර්ෂයේ මෙම යෝජනා ක්‍රමයට ඇතුළත් වීමේ සුදුසුකම්හි යාවත්කාලීන තොරතුරු ලබා ගත හැක.

(ii)මීට අමතරව පහත දක්වා ඇති දුරකථන අංක මඟින්ද, ලිපිනයට කරනු ලබන ලිඛිත ඉල්ලීම් මඟින්ද, විද්‍යුත් ලිපිනයට එවනු ලබන විද්‍යුත් ලිපි මඟින්ද යාවත්කාලින තොරතුරු ලබා ගත හැක.

  • ලිපිනය අධ්‍යක්ෂ (ශිෂ්‍ය ණය)

           රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය

           අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය

           980/4ඒ

           වික්‍රමසිංහ පෙදෙස

           ඇතුල් කෝට්ටේ

 

  • දුරකථන අංක හා විද්‍යුත් ලිපිනය

අධ්‍යක්ෂ (ශිෂ්‍ය ණය)

+94-11-2879724

ශිෂ්‍ය ණය අංශය

+94-11-2879727

සහකාර අධ්‍යක්ෂ (ශිෂ්‍ය ණය)

+94-11-2879718

විෂය නිලධාරින්

+94-703555971-79

සහකාර අධ්‍යක්ෂ (පාලන)

+94-11-2879723

   
       

විද්‍යුත් ලිපිනය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

   

 

පුවත් සහ සිදුවීම්